Sri Lankan Welfare Association commonly known as SAHANA, is the only registered Sri Lankan voluntary organization in the United Arab Emirates and was established in 2015.
SAHANA is led by compassionate and diverse group of Sri Lankans and its core mission is to cultivate a sense of caring for the Sri Lankans in need within UAE through kindness, respect and hope.
Get to know who we are, what we do and how we assist those in need.
How the journey began. It all started with compassionate Sri Lankan community living in the UAE.
Message from the President of the Sri Lankan Welfare Association(SLWA) - SAHANA
See how we operate and get to know our Board of Directors who provides an immense service to the community.
Our subcommittee leaders don't set out to be leaders, they set out to make a difference.
SAHANA is recognized for their humanitarian services.
S&A members are the first point of contact for any appeal or first to respond any distress call of Sri Lanka Community members in the seven Emirates of UAE
The CG Team provide guidance and job opportunities for Sri Lankans who are looking for job opportunity in UAE
Charity begins at home, but should not end there.
Volunteer
කොරෝනා වසන්ගතයෙන් අසරණ වෙලා හිටිය අපිට අපේ ලන්කාවට එනකල් අපිට ගොඩාක් උදව් කලේ සහන. අපිටත් අපේ දරුවටත් අම්මා කෙනෙක් වගේ ලගින්ම හිටියා. සහන සහනයක් ම උනා ඇත්තටම. ස්තුතිය සහන.
ඇත්තටම සහන කියන්නේ මට නම් ලොකු සහනයක් ගෙනල්ලා දුන්න ආයතනයක්. හරියට හොඳම යාළුවෙක් වගේ. මගේ මහත්තය ඩුබායි දැඩි සත්කාර ඒකකයේ ඉන්න කොට එයාගෙ විස්තර හැමදේම පැහැදිලිව මට එවලා මගේ හිතට ලබා දුන්න සැනසීමට මට කරපු හැම උදව්වකටම සහන ආයතනයට මම ගොඩක් ස්තුති වන්ත වෙනවා. මට වගේම අසරණ උනු අයට පිහිට වෙන්න ඔබේ ආයතනයට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා!
මමයි දරුවයි ගොඩක් අසරණ වුන වෙලාවේ අපිට පිහිට වුන සහනට ගොඩක් ස්තුතියි. අපිව තනි නොකර අපි ගැන බලපු සහන සංවිධානයේ හැම අයෙක්ටම ස්තූතියි!
පිටරටක වුවද අපි තනිවී නොමැත. අපි වෙනුවෙන් අපේම අය.... මා සේවය කරන ආයතනයේ බොහෝ පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී තිබූ අවස්ථාවේ අපි සේවය කරන ආයතනයෙන් ලැබුනේ පැනඩෝල් දෙකක් පමණි. අප මව් රටේ මනුස්සකම පිරි මිනිසුන් සහන නමින් පිහිටුවා ඇති සංවිධානය අප වෙනුවෙන් කල මෙම උතුම් සත්කාරය ඉතාමත් අගය කරන අතර මාගේ හද පිරි ස්තුතිය පුද කරමි. සහන ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගීව මෙවැනි සත් ක්‍රියා කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා!
පසුගිය මාස කිහිපයකට පෙර දැඩි ලෙස රෝගාතුර වී අතරමංව සිටි ශ්‍රී ලාංකික සහෝදරියකට රෝහල් වියදම්, ගුවන් ටිකට් පත, රෝද පුටුවක් ලබා දී කල මහගු පින්කම අගයනුවස් 'සහන' සංවිධානයට අපගේ ප්‍රණාමය පුද කරමු.
ගතේ වාරුද හිතේ සවියද ගිලිහී
ගොස් අසරණ වුනා මම
කියන්නට දෙවියන් මිස මට
කාගෙ සරණක් යදින්නද මම....
දෙනෙත කඳුලැල් පිරී තෙත් වුන
ගිලිහී ගිය සියලුම පැතුම් මත
'සහන' සිටියා දෙවිරුවක් ලෙස
දෑසෙ කඳුලැල් මකා දමනට.....
දෙපා වාරු නැති වුනත් මට දුවා
දරුවන් දකින්නට අද යන්න
අවසර සලස්වා දුන් 'සහන' ඔබ
හට ජයෙන් ජය ජය.....
"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්"
අසරණ වී සිටිය මොහොතක අපට පිහිට වූ ඔබ ඉඩෝරයට කඩා හලුනු මහා වැස්සකි. අපත් සමග දොඩමළු වී ලෙන්ගතු වූ ඔබලා අපට මහා මෙරක් ලෙසය. මේ කරන සත් ක්‍රියා වලට හිස නමා තුති පුදමි. තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට දිරිය ශක්තිය ලැබේවා!!
කතරට දිය උල්පත වූ සහන
ජිවිතේ නොසිතු වෙලාවක නොසිතු තැනකදී අපි අසරණ උනා නොසිතු විදියට
හිතුවේ වත් නැති විදියට කිසිදු ආගම් බේදයක් නැතිව
රැයක් දවාලක් වෙලාවක් නොබලා පිහිටට හිටියේ සහන කියන ආදරණිය සංවිධානය.
එහි කළමනාකාර තුමා ඇතුළුව සහන සේවක මණ්ඩලය මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා.
සහන නොතිබෙන්න වැලිකතරේ තනි උන අපිට කාගේපිහිටක්ද? වැලිකතරේ අසරණ උන මටත් මගේ නෝනා ළමයි 3 දෙනාටත් පව්ලේ අයත් සතුටින් නම් ඒ සහන නිසයි. ඒ වසංගතය හමුවේ ලංකාවට එන්න පාර හදලා දුන් නිසයි.
සහන ඔබට අපි සදා ණයගැතියි
SAHANA Musical Concert 2022 SAHANA – Musical Concert – Souvenir 2022
SAHANA 10th Year Celebration Previous Next
Saturday 25th September 2021 at 18:00 UAE Time
Friday 27th August 2021 at Latifa Hospital Blood Donation Center (UAE)
We welcome the generosity and support from Well Wishers and Business Organizations to partner with us and sponsor our community services and projects.
SAHANA U.A.E Sri Lankan Welfare Association P.O. Box: 234797, Floor No : 1301-11, Mai Tower Al Nahda -1 . DUBAI – U.A.E.
Phone: +971 56 311 9363
Email: [email protected]